Type Here to Get Search Results !

විදුලියට තවත් මාරකයක්.. ලොක්කෙක් පගාවක් ඉල්ලා මැලේසියා සමාගමක් ඩොලර් මිලියන 180ක් ඉල්ලා සිංගප්පූරුවේ නඩු දමයි..


ලංකා විදුලිබල මණ්ඩලයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 180 ක වන්දියක් ඉල්ලා මැලේසියානු සමාගමක් විසින් සිංගප්පූරු බේරුම්කාර මණ්ඩලයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

යාපනය සුළං සහ සූර්ය බල ව්‍යාපෘතියක් පිහිටුවීමට මෙම මැලේසියානු සමාගමට බලපත්‍රයකින් අනුමැතිය ලබාදී පසුව එය අවලංගු කර ඇති බව විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

බේරුම්කාර මණ්ඩලයේ විභාග වන මෙම නඩුව සඳහා මේ වන විට නීතිඥයන්ට රුපියල් මිලියන 200 ක ට වැඩි මුදලක් වැය කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මණ්ඩලය නිලධාරියෙක් ඩොලර් මිලියන 2 ක අල්ලසක් ඉල්ලා සිටි බවද එම සමාගම බේරුම්කාර මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

එම අල්ලස ලබා නොදීම නිසා තම සමාගමට ලබාදුන් බලපත්‍රය අහෝසි කිරීමට හේතුවූ බවද ඔවුන් පැමිණිල්ලේ සඳහන්ය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads