Type Here to Get Search Results !

පාර්ලිමේන්තුව ඇතුළේ විපක්ෂයට ජයක්..


ජනාධිපතිවරයාගේ රාජාසන කතාව සම්බන්ධයෙන් විවාද කිරීම සදහා සමගි ජන බලවේගය ඉල්ලා සිටි දින 3ක සම්පූර්ණ කාලයම ලබා දීමට ආණ්ඩු පක්ෂය තීන්දු කර ඇති බව වාර්තා වේ.

පසුගිය අගහරුවාදා පැවැති පක්ෂ නායක රැස්වීමේදී විපක්ෂය අදාළ විවාදයට දින 3ක් ඉල්ලා තිබුණද ආණ්ඩු පක්ෂය පෙන්වා දුන්නේ මංගල සමරවීර මහතාගේ ශෝක ප්‍රකාශ සදහා එක් දිනක් වෙන් කළ යුතු බැවින් දින 2ක් පමණක් විවාදයට ලබා දිය හැකි බවකි.

නමුත් ඊට විරෝධය පළ කළ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සාකච්ජාව අවසන් කොට තිබුණේ විවාදයට දින 3ක් නොදෙන්නේ නම් ජනාධිපතිවරයාගේ රාජාසන කතාවට බාධා කිරීමට කටයුතු කරන බව කියමිනි.

ජනාධිපතිවරයා රාජාසන කතාව කතානායක අසුනේ හිද සිදු කරන බැවින් එදින කතානායකවරයා අසුන්ගෙන සිටිනුයේ ඊට පහත අසුනකය. එවිට සභාව පාලනය කිරීමේ අවස්ථාව කතානායකවරයාට හිමි නොවන බැවින් කතානායකවරයා පසුගිය දින කිහිපයේ ආණ්ඩුවේ නියෝජිතයන් සමග මේ පිළිබද කළ සාකච්ජා කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව විවාදය සදහා දින 3ක කාලය ලබා දීමට ආණ්ඩුව එකගතාව පළ කොට ඇත. එහිදී 19 වැනි දින පස්වරු 1 සිට 6 දක්වාත්, 20 වැනි දින පෙරවරු 10 සිට 6 දක්වාත්, 21 වැනි දින පස්වරු 4.30 සිට 5.30 දක්වා කල්තැබීමේ විවාදයකුත් ලබා දීමට ආණ්ඩුව එකගතාව පළ කොට ඇත.

ඒ බව අද දිනයේදී කතානායකවරයා විසින් සමගි ජන බලවේගය වෙත දැනුම් දීමටද පියවර ගෙන තිබේ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads