Type Here to Get Search Results !

පොලු තිබ්බ මැති ඇමති 45 දෙනෙකුගේ වතුර කපයි..


රුපියල් කෝටියකට ආසන්න හිඟ ජල බිල්පත් නොගෙවූ මැති ඇමැතිවරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු 45 දෙනකුට ආසන්න පිරිසකගේ වාසස්ථානවල ජල සම්බන්ධතා විසන්ධි කිරීමට ජාතික ජල ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
මොවුන් දීර්ඝ කාලයක් තිස්සේ ජල බිල්පත් ගෙවා නැති අතර බිල් ගෙවන ලෙස දන්වන සිහිකැඳවීම් ද නොසලකා හැර ඇති අය බව මණ්ඩලය පවසයි.
මෙම පිරිස අතරට මේ වන විට වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමැතිවරුන් ඇතුළු මන්ත‍්‍රීවරුන් විසි දෙනකු පමණ සිටින අතර අනෙක් පිරිස මේ වන විට දේශපාලනයේ නිරත නොවෙන අය බව ද සඳහන් වෙයි.
පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට අමතරව මාස හයකට වැඩි කාලයක් තිස්සේ හිඟ ජල බිල්පත් නොගෙවූ ජල පාරිභෝගිකයන් ලක්ෂ 6කගේ පමණ ජල සම්බන්ධතා විසන්ධි කිරීමට ද මණ්ඩලය තීරණය කර ඇත.
එසේම මේ වන විට හිඟ බිල්පත් ඇති ජල පාරිභෝගිකයන් හැත්තෑ දහසකගේ පමණ ජල සම්බන්ධතා විසන්ධි කර ඇති අතර ඔවුන්ගෙන් මණ්ඩලයට අය අයවිය යුතු මුදල රුපියල් මිලියන 1300ක් පමණ වන බව ද ජාතික ජල ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
මේ වන විට රුපියල් කෝටි 720 ක පමණ හිඟ ජල බිල්පත් ගෙවීමට ඇති බවත් මේ හේතුව මත මණ්ඩලය දැඩි ආර්ථික ආර්ථික අර්බුදයකට ලක්ව පානීය ජල සැපයුම දැඩි අර්බුදයකට පත්ව ඇති බව අප කළ විමසුමකදී එහි සහකාර සාමාන්‍යාධිකාරී (අය කිරීම්) ඒ්කනායක වීරසිංහ මහතා පැවැසීය.
සමස්ත ජල පාරිභෝගිකයන් විසිහත් ලක්ෂ පනස් දහසක් වන අතර ඉන් ලක්ෂ 25ක් ගෘහස්ත ජල පාරිභෝගිකයන් ය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads