Type Here to Get Search Results !

මැඩිල්ලේ හිමි අලි සබ්‍රිගෙන් සමාව ඉල්ලයි..


අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රිට අපකීර්තියක් හා අපහාසයක් වන අන්දමේ කිසිදු ප්‍රකාශයක් මින් ඉදිරියට නොකරන බව සිංහලේ නැමති සංවිධානයේ මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි කොළඹ දිසා අධිකරණය හමුවේ දී ප්‍රකාශයක් කරමින් පොරොන්දු වී තිබෙනවා. අපකීර්ති දායක ප්‍රකාශ කරමින් හා එම ප්‍රකාශ සමාජ මාධ්‍ය ජාලාවල පළකරමින් සිය කීර්තිනාමයට හානි කළේ යැයි අධිකරණ ඇමැතිවරයා ගොනුකළ වන්දි නඩුවක් සමථයට පත් කරමින් පඤ්ඤාලෝක හිමි එසේ පැවසුවා.
තමන්ට  සිදුකර ඇති අපහාසයට රුපියල් කෝටි 150 ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා අධිකරණ ඇමැතිවරයා විසින් මේ නඩුව පසුගිය වසරේ මැයි 27 වැනි දින ගොනු කළා. වගඋත්තරකාර හිමියන් විසින් youtube, ෆේස්බුක් හා සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සිදුකරන අපහාසය තහනම් කරන ලෙසත් සිදුකර ඇති අපහාසයට වන්දි අය කර දෙන ලෙසත් පැමිණිල්ල මඟින් ජනාධිපති නීතිඥ අලි සබ්රි ඉල්ලා තිබුණා.
කොළඹ ප්‍රධාන දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා ඉදිරියේ ඊයේ (20) දින නඩුව කැඳවූ අතර දෙපාර්ශ්වය අතර ඇති කරගත් සමතයක් ප්‍රකාරව නඩුව අවසන් කරන බව නීතීඥවරුන් අධිකරණයට දන්වා සිටියා.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads