Type Here to Get Search Results !

සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉල්ලා අස්වේ…


සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය එම ධුරයෙන් තාවකාලිකව ඉවත් වී තිබේ.

ජනාධිපති ලේකම්වරයාට සහ වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් ඇය ඉල්ලා ඇත්තේ කඩාකප්පල්කාරී ක්‍රියා හා වංචාවලට සම්බන්ධ පුද්ගලයින් ගැන විධිමත් විමර්ශනයක් සිදුකොට පවතින අවදානම්කාරී තත්වය ඉවත් කරදෙන තුරු තමන් සේවයෙන් ඉවත්වන බවයි.

දින 14ක් ඇතුළත පරීක්ෂණයක් පවත්වා යලි රාජකාරී කිරීමට හැකි වාතාවරණයක් සාදා දෙනත් එසේ නොමැති වුවහොත් තමා ධුරයෙන් ස්ථිරවම ඉල්ලා අස්වීමට කටයුතු කරන බවද ඇය දන්වා ඇත.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads