නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයෙන් විදුලිය නිපදවීමට අවශ්‍ය ගල් අඟුරු සැපයීමට ලංසු ඉදිරිපත් නොවීම නිසා ඉදිරිපත් කරනලද ටෙන්ඩර් දෙකක් අවලංගු වී තිබේ.
විදුලි බලය අඛණ්ඩව එම බලාගාරයෙන් නිෂ්පාදනය කිරීමට නම් අප්‍රේල් මාසය වන විට ගල් අඟුරු මෙට්‍රික් ටොන් 650,000 අවශ්‍යතාවයක් පැන නැගී තිබේ.
එම ගල් අඟුරු ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ ටෙන්ඩර් දෙකක් සදහා මෙසේ ලංසු ඉදිරිපත් වී නැත.
ඇතිවී තිබෙන තත්වය මත රට තුළ අඛණ්ඩ විදුලි බලයක් ලබා දීම සඳහා විදුලිබල මණ්ඩලය විසින් ක්‍ෂණික මිලදී ගැනීම් හරහා ගල් අඟුරු මෙට්‍රික් ටොන් 480,000 මිලට ගැනිමට නිර්දේශ කර තිබේ.
ඒ අනුව මෙම ප්‍රමාණය ජනවාරි අප්‍රේල් කාලය තුළ මිලට ගැනීමට නියමිතය.