බේරුවල ප්‍රදේශයෙන් ඔමික්‍රොන් ආසාදිත පුද්ගලයෙකු වාර්තා වූ බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මුදිත අමරසිංහ මහතා පවසනවා.
මෙම පුද්ගලයා තිස් හැවිරිදි බේරුවල චීන කොටුවේ මැණික් ව්‍යාපාරිකයෙකු බවත්, විදේශ ගතවීමට අපේක්ෂාවෙන් කොළඹ පෞද්ගලික රෝහලකින් සිදුකළ PCR පරීක්ෂණ වාර්තාවකින් එම පුද්ගලයා ඔමීක්‍රොන් ආසාදිතයකු බවට තහවුරු වීමෙන් පසු නිවසේ නිරෝධායනයට ලක්කර තිබෙන බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.
අදාළ පුද්ගලයාගේ අශ්‍රිතයින් 13 දෙනෙකුද මේ වනවිට නිවෙස් නිරෝධායනයට යොමුකර තිබෙනවා.