Type Here to Get Search Results !

සුළි සුලගකින් වහලවල් ගැලවී යයි…


යාපනය වේලනෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නයිනතිව් ප්‍රදේශයට රාත්‍රියේ ඇති වූ සුලිසුලං තත්වයක් හේතුවෙන් නිවාස 03 කට හානි සිදුවී ඇති බවට දිස්ත්‍රීක් ආපදාකලමනාකරන කාර්යාලය පවසයි.

නයිනතිව් උතුර ජේ-35 ප්‍රදේශයට වර්ෂාවත් සමග ඇති වූ සුලිසුලං තත්වය හේතුවෙන් නිවාස 3 කට මෙලෙස අර්ධහානි සිදුව ඇති අතර පුද්ගලයින් දාහතර දෙනකු පීඩාවන්ට පත්ව ඇති බවට ආපදාකළමනාකරණ නිලධාරීන් පවසා සිටියහ.

සුළි සුළං හේතුවෙන් නිවාස වල වහලය කඩා වැටීමෙන් දේපළ හානිද සිදුව ඇති අතර හානියට පත් වැසියන් වෙනුවෙන් පහසුකම් සැපයීමට ද පියවර ගෙන ඇති බවට යාපනය අපදා කළමනාකරණ කාර්යාලය වැඩිදුරටත් පවසා සිටීය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads