හිටුප බලශක්ති අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා සහ චන්දිම වීරක්කොඩි යන අමාත්‍යවරුන්ගෙන් කර ගත නොහැකි වූ දේ අද ඉන්දියාව වත්මන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගෙන් සිදුකරගෙන ඇති බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ඉන්දියාව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේදී මිලින්ද මොරගොඩ මහගා හරහා මෙම කටයුත්ත සිදු කරගැනීමට උත්සාහ කළද එයද අසාර්ථක වූ බවකි.
ඒ අනුව මේ වනවිට ගම්මන්පිල මහතා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි වසර 50කට ඉන්දියාවට ලබා දී ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.