Type Here to Get Search Results !

ලංකාවේ ආර්ථිකය හිටි හැටියේ නතර වේවි.. හිරෝෂිමා නාගසාකි ප්‍රහාරය ඉක්මවු හානියක් ඉදිරියේ…


ශ්‍රී ලංකාව ලබාගත් ණය ආපසු ගෙවන ලෙස ඉල්ලමින් හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් ඇමරිකාවේ නඩු පැවරීම මෙරටට අවාසි විය හැකියැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික කඩා වැටීම ඉදිරියේදී තව තවත් දරුණු වනු ඇති බවත් ලංකා ආර්ථිකය නොසිතූ මොහොතක නතර විය හැකි බවත් ඔහු පවසයි.

ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි යන නගර වලට පරමාණු බෝම්බ හෙලූ විට ජපානයට සිදුවූ විනාශයට සමාන ආර්ථික විනාශයක් ශ්‍රී ලංකාවට සිදුවන බවත් සියළු ජනතාවගේ කැපවීම් තුළින් මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ලංකාවට අවුරුදු 10 ක් පමණ ගතවනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads