ආන්දෝලාත්මක පිරමීඩ ජාවාරමේ නිරත වූ බවට චෝදනා එල්ල වන ඔන්මැක්ස් ඩී ටී, එම් ටී එෆ් ඊ ආයතන දෙක සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ දිගින් ක්‍රියාත්මක වන පසුබිමක තවත් පිරමීඩ සමාගමක් සිය මෙහෙයුම් මෙරට තුළ ආරම්භ කර තිබේ.
සමාජ ජාල ඔස්සේ එම සමාගම විසින් පුද්ගලයන් පොලඹවන ආකාරය මේ දිනවල නිරීක්ෂණය කළ හැකිය.
බිට්කොයින් ආසන්න නමක් ද ඇතුළු කරමින් ඔවුන් මෙම ජාවාරමට පිවිසෙන ආකාරයක් නිරීක්ෂණය වෙයි.
මේ වන විට ඔන්මැක්ස් ඩී ටී සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර එම් ටී එෆ් ඊ ප්‍රධානින් පස් දෙනකුට එරෙහිව රටින් පිටවීමට වාරණ නියෝග නිකුත් කර තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනටමත් දැනුම් දී ඇත්තේ පිරමීඩ හැඩ ගත් ජාවාරම් සම්බන්ධයෙන් ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි.
විශාල ලාභ දෙන බව පවසමින් සිදුකරන ආයෝජන ක්‍රම සම්බන්ධයෙන් ප‍්‍රවේශමෙන් කටයුතු කරන ලෙස මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
