Type Here to Get Search Results !

ඇස් රෝගයක් වේගයෙන් පැතිරේ.. කොළඹ පාසල් පන්ති කිහිපයක් වසා දමයි..


 කොළඹ නගර සීමාව තුළ පැතිර යන අක්ෂි රෝගයක් පාලනය සඳහා පාසල් පන්ති කිහිපයක් වසා දැමීමට කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

කොටහේන මධ්‍ය මහා විද්‍යාලයේ ශ්‍රේණි තුනක පන්ති ලබන සිකුරාදා දක්වා තාවකාලිකව වසා දමා ඇත.

එම විද්‍යාලයේ සිසුන් 100 කට ආසන්න පිරිසක් බෝවන අක්ෂි රෝගයට ගොදුරු වී ඇති බව කොළඹ මහ නගර සභාව පවසයි.

මේ හේතුවෙන් එම විද්‍යාලයේ 6, 7, 8 ශ්‍රේණිවල සියලුම පන්ති වසා දමා ඇත.

බටහිර කොළඹ, මැද කොළඹ, උතුරු කොළඹ සහ බොරැල්ල ප්‍රදේශවල පාසල්වල එය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බවට හදුනාගෙන තිබේ.

මෙම රෝගය මාරාන්තික නොවන බැවින් ඒ පිළිබඳව කලබල නොවන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලයි.

ඇසක් හෝ දෙකම රතු වීම, කැසීම, අධික කඳුළු ගැලීම, හිසරදය, ආලෝකයට සංවේදීතාව, ඇස් වියලීම රෝග ලක්‍ෂණ වන අතර දින පහකට වඩා වැඩි කාලයක් දරුවන්ට මෙම රෝග ලක්ෂණ ඇත්තේ නම් අක්ෂි වෛද්‍යවරයෙකුගෙන් වහාම ප්‍රතිකාර ලබා ගත යුතුය.

නිතර අත් සේදීම, ඇස් ඇල්ලීමෙන් වැළකීම වැනි පුරුදු මගින් රෝගය පැතිරීම අඩු කර ගත හැක.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads