හැකිතරම් ඉන්ධන තොග රැස්කර කර තබා ගන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.
ඔහු මේ බව දැනුම් දී ඇත්තේ විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ය.
ඊශ්‍රායලය ගාසා තීරයේ පවතින ගැටුම් හා යුක්රේන රුසියා ගැටුම් නිසා ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යාමේ ඉඩක් ඇති නිසා මෙම දැනුම්දීම කර ඇත.
ඒ අනුව තෙල් සංස්ථාව සතු සියලු ගබඩාවල අවශ්‍ය තරම් ඉන්ධන ගබඩා කර ගැනීමට සැලසුම් කර තිබේ.