Type Here to Get Search Results !

OnmaxDT ලොක්කන් ඇප කොන්දේසි නැතිවම නිදහස් කරයි.. චෝදනා සනාථ කර නෑ..


 මෙරට තුළ පිරමිඩ ආකාරය ව්‍යාපාරයක් සිදු කළේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ගන්නා OnmaxDT ආයතනය අධ්‍යක්ෂකවරුන් දෙදෙනා ඇප කොන්දේසි නොමැතිව නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබේ.

අදාළ පුද්ගලයන්ට නගා ඇති චෝදනා සනාථ කිරීමට මේ දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කර නොමැති බව සලකා බලමින් මෙම නියෝගව නිකුත් කර ඇත.

ඔවුන්ට එරෙහිව නඩුවක් පවත්වාගෙන යන ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවත් අධිකරණය හමුවේ පෙනී සිට ඔ්නෑම පරීක්‍ෂණයකට සහාය දීමට සූදානම් බවත් ඔවුන් දෙදෙනා වෙනුවෙන් මෝසම් පත්‍රයක් මගින් නීතිඥයන් අධිකරණයට දැනුම් දී තිබිනි.

එහිදී ඉදිරි විමර්ශනවල සහාය දෙන ලෙස අවවාද කරමින් කිසිදු කොන්දේසියකින් තොරව ඔවුන් මුදා හැරීමට අධිකරණයෙන් නියෝග කර ඇත.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads