Type Here to Get Search Results !

අජිත් මාන්නප්පෙරුමට සති හතරකට පාර්ලිමේන්තුව තහනම්..!


 පාර්ලිමේන්තු සැසිවාරය අතරතුරදී සෙංකෝලයට අත තැබීම හේතුවෙන්, සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුමට පාර්ලිමේන්තු සැසිවාර සදහා සහභාගී වීම සති හතරක කාලයක් සදහා තහනම් කර තිබේ. 

කතානායකවරයා විසින් ඊට අදාල නිවේදනය මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කරන ලදී. 

මන්ත්‍රීවරයා විසින් අසන ලද ප්‍රශ්නයට මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා උත්තර දීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව සභාගැබ තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගත වූ අතර, ඒ අතර තුර මන්ත්‍රීවරයා සෙන්කෝලය පැහැර ගැනීමට උත්සාහ කළ බවට චෝදනා කරමින් මෙම තහනම පනවා තිබේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads