Type Here to Get Search Results !

සනත් නිශාන්තගේ මරණයට සමාජ ජාලවල අපහාස කරන අය හදුනාගනී..


 කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් මරණයට පත් වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල අපහාසාත්මක මත බලකරන පුද්ගලයන් පිළිබඳ සොයා බැලීමක් කරන ලද බව ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.


මරණයන් සම්බන්ධයෙන් එවැනි ආකාරයේ මත පළ කිරීම අනුමත කල නොහැකි බවද හෙතෙම කියා සිටියි.


අපහසාත්මක සටහන් පලකරමින් සිටින්නේ එකම පක්ෂයකට සම්බන්ධ පිරිස් බව ද ඒ මහතා සඳහන් කළේය.


“එතුමාගේ මරණය ගැන සමාජ මාධ්‍යවල ඉතාමත් නරක විදියට පළ කිරීම් සිදුකර තිබෙනවා. ඒකෙන් අපිට පැහැදිලි වුණා හැමදාම කමෙන්ට්ස් දාන්නේ කවුද කියලා. මේ වතාවේ සොයාබැලීමක් කළාම… ඒක පක්ෂයකට සම්බන්ධ කට්ටිය තමයි මෙහෙම දේවල් දාලා තියෙන්නේ. නැත්නම් දෙයියනේ මනුස්සයෙක් මැරුණාම මෙහෙම දේවල් කියන්න බැහැ. අපි සොයාබැලීමක් කළා.. ලැබුණු වාර්තා අනුව එක පක්ෂයකට සම්බන්ධ වෙච්ච කට්ටිය සහ ෆේක් එකවුන්ට්ස්. අපි සතුටු වෙනවා.. දැන් ඒවා හොයාගන්නත් පුළුවන් වෙයි. ඉස්සර නම් හොයා ගන්නත් අමාරුයි නේ.”

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads