Type Here to Get Search Results !

ලංවිම ලොක්කකුට සුපිරි ගෙවල් 35ක්.. දැවැන්ත සූර්ය බලාගාරයක්..


 ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරයකු සතුව අධි සුඛෝපභෝගී නිවාස 35ක් සහ කිලෝ වෝල්ට් 63.5 ධාරිතාවෙන් යුත් සූර්ය පැනල පද්ධතියක් පවතින බව වාර්තා වෙයි.


එකී අතිරේක සාමාන්‍යාධිකාරිවරයා බස්නාහිර පළාතේ එක් ප්‍රදේශයක ප්‍රධාන භූමිකාවක් ඉටුකරන අයකු බව ද කියැවේ.


ඔහුට මෙවැනි අධි සුඛෝපභෝගී නිවාස කොම්පඤ්ඤවීදිය, කුරුණෑගල සහ රත්මලාන යන ප්‍රදේශවල පවතින බව ද සඳහන්ය.



එසේම ලංකා විදුලිබල මණ්ඩලය භාවිතා කරන එක්තරා ගොඩනැඟිල්ලක අයිතිය ද ඔහු සතුවන බවත් එය තෙවන පාර්ශ්වයක් ලවා මණ්ඩලය වෙත ලබාදී ඇති බවත් පැවසෙයි.


ලංකා විදුලිබල මණ්ඩලයේ තොරතුරු කළමනාකරණ පද්ධතිය තුළ මෙම තොරතුරු ඇතුළත් අතර එහි එම අතිරේක සාමාන්‍යාධිකාරිවරයාගේ සම්පූර්ණ නම, ජාතික හැඳුනුම්පත් අංක, ගිණුම් අංක ඇතුළු සියලු තොරතුරු ඇතුළත්ය.


රාජ්‍ය සේවය තුළ ඒ සා විශාල ධනයක් උපයා ගත ඇති ආකාරය ප්‍රශ්නයක් බව විදුලිබල මණ්ඩල සේවකයෝ පවසති.



රමින්ද මාවතගේ

Divaina

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads