නයිජීරියාවේ අවිගත් කණ්ඩායමක් එරට නිරතදිග කුරිගා නගරයේ පිහිටි පාසලක සිසුන් 280ක් පැහැර ගෙන ගොස් තිබේ.
පැහැරගෙන ගොස් සිටින සිසුන් වයස අවුරු 8-15ත් අතර පිරිසක් වන අතර මෙය සතියක් තුළ එරටින් වාර්තා වූ දෙවන සමූහ පැහැර ගැනීමය.
පාසල් සිසුන් ක්‍රීඩාංගණයේ රැස්වී සිටියදී අවිගත් කල්ලි සාමාජිකයින් යතුරුපැදි කිහිපයකින් පාසල තුළට ඇතුළුවී පැහැරගැනීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.