Type Here to Get Search Results !

රනිල් ජනපති, සජිත් අගමැති.. තානාපති මෙහෙයුම සාර්ථකයි..


 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක් කිරීම ප්‍රධාන පෙළේ තානාපති කාර්යාල දෙකක් සැලසුමක සිටින බව වාර්තා වෙයි.


දැනට එම සැලසුමත් සැලකිය යුතු මට්ටමින් සාර්ථක වී ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.


මේ වන විටත් සමඟ ජන බලවේගයේ ඇතැම් පිරිස් පක්‍ෂ නායකත්වයෙන් ඉල්ලීමක් කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව ඉදිරියට යා යුතු බවටය.


එසේ නොවන්නේ නම් පෞද්ගලිකව දේශපාලන තීන්දුවක් ගැනීමට සිදුවන බවද පක්ෂයේ ප්‍රබලයන් කිහිපදෙනෙකුම සඳහන් කර ඇත.


මේ අතර ග්‍රාමීය මට්ටමින්ද සමඟි ජන බල වේගයේ පාක්ෂිකයන් තුළ රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් ප්‍රසාදජනක අදමස් මතුවීමත් සමග සමගි ජන බලවේගය ප්‍රාදේශීය නායකයන් යම් අර්බුදයකට ලක් කර ඇති බවද වාර්තා වේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads