ලෝක කුසලාන තරගාවලිය සඳහා තමන්ට අවශ්‍ය කණ්ඩායම ලබා දෙන ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක වනිදු හසරංග තරයේ ඉල්ලීමක් කර ඇතැයි තමන්ට තොරතුරු ඇතැයි ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මාවන් අතපත්තු සඳහන් කරයි.
තමන්ට අවශ්‍ය කණ්ඩායම් ලබා නොදුනහොත් තමන් නායකත්වය නොදරන බවටද ඔහු දැනුම් දී ඇති බවට වාර්තා වන බවද හෙතෙම කියා සිටී.
ඒ අනුව ඔහුට අවශ්‍ය කණ්ඩායම ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වීමට කරවා ගැනීමට අවස්ථාව ලබා දී ඇති බවත් හෙතෙම පැවසීය.
ලෝක කුසලාන තරගාවලියේ මෙරට සිට විස්තර විචාරය කරන අතරතුර ඔහු මේ බව සඳහන් කළේය.