Type Here to Get Search Results !

අනුර ඇතුළු ලොකුම මාලිමා හතරට හර්ෂ එකවර තලයි..


 ජාතික ජන බලවේගයේ නායකයන් විසින් සිය ආර්ථික ප්‍රතිපත්තිය මෙතෙක් නිශ්චිත වශයෙන් එලි දක්වා නැති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.


ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඉදිරියට මාලිමා ආණ්ඩුවක් යන බව ජාතික ජනබලවේග නායක අනුර දිසානායක මහතා මෑතකදී ස්වාධීන රූපවාහිනී පැවැති වැඩසටහනකදී පැවසූ බවත් ඔහු පැවසීය.


නමුත් ටිල්වින් සිල්වා, ලාල් කාන්ත, සුනිල් හදුන්නෙත්ති, වසන්ත සමරසිංහ වැනි නායකයන් පවසන්නේ ජාත්‍යන්තරයන් මුල්‍ය අරමුදල විසින් ගොඩනැගූ රටවල් නැති බවත් ඔවුන් සමග ගමනක් නැති බවත් යයිද මන්ත්‍රීවරයා පැවසීය.


අනුව ඔවුන්ට ආර්ථික වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් නිශ්චිත පොදු අදහසක් නැති බවද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.


තම පක්ෂයට නිශ්චිත වැඩපිළිවෙක් ඇති බවත් තම සියලු දෙනා ඒ සඳහා වග කියන බවත් පැවසූ ඔහු ජාතික ජන බලවේගය ආර්ථිකය ගැන විවාද කිරීමට නොපැමිණෙන්නේද ඒ නිසා බවද කියා සිටියේය.


සමගි ජන බලවේගය විසින් සංවිධානය කරන ලද ජන හමුවකදී ඔහු මෙම සඳහන් කරන ලදී.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads