Type Here to Get Search Results !

“මම දිනනකන් මාත් එක්ක එයා ඉන්නවා කිවුවා… ඒත් එයා අද නැහැ” – කායවර්ධන තරගයකින් දිනූ ක්‍රීඩකයෙක් කියපු සංවේදී කතාව


 සෑම සාර්ථක පිරිමියකු පිටුපසම ගැහැනියක් සිටිනවා කියන කතාව අපි සමාජයේ නිතර දෙවේලේ අසා තිබෙනවා.


නමුත් එහෙව් සාර්ථක පිරිමින් අසල සිහින පස්සෙ යන්න ශක්තිය දෙන ගැහැනුන් ලේසියෙන් දකින්න ලැබෙන්නේ නැහැ.


මේ කියන්න යන කතාවත් කලාතුරකින් දකින්න ලැබෙන අන්න ඒ වගේ කතාවක්.


මේක සිනමාපටයක් නෙවෙයි. ඇත්තම කතාවක්.


කාය වර්ධන ක්‍රීඩාවේ ඉහලටම යන්න ඔහුට ශක්තිය දෙන්නේ ඇයගේ බිරිඳයි.


ඒ සඳහා අවශ්‍ය කෑම බීමේ සිට හැමදේම සකස් කර දෙන්නෙත් ඇයයි.


නමුත් අවසානයේ ඇය ඔහු සමගින් ගමන් කරමින් සිටයදී අනතුරකට ලක් වීමෙන් ඇය ඔහුව සදහටම අතැර යනවා.


නමුත් ඇයගේ සිහිනයක් වුණ කාය වර්ධන තරග ජයක් ලබා ගැනීම වෙනුවෙන් ඔහු වෙහෙසෙනවා.


අවසානයේ ඔහුට ජය ලබා ගැනීමට හැකියාවක් ලැබෙනවා. මේ ඉන් අනතුරුව ඔහු පැවසූ කතාව.


” මේ ඉන්නේ මගේ වයිෆ්.එයා ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ 12 අපි දෙන්නා ඇක්සිඩෙන්ට් වෙලා එයා නැති වුණා.එයාගේ සිහිනයක් තමයි මම දවසක දිනන එක.එයා කිවුවා මම දිනනකන් මාත් එක්ක එයා ඉන්නවා කියලා.ඒත් එයා අද නැහැ.මම අද තර්ඩ් ප්ලේස් එක ගත්තා.මම මෙතනින් නතර වෙන්නේ නැහැ.මම ගෝල්ඩ් මෙඩ්ල් එකකට ට්‍රයි කරනවා.මම ක්‍රීඩාවේ ඉස්සරහට යන්න පුලුවන් උපරිම දුර යනවා.මගේ ක්‍රීඩාව වෙනුවෙන් කෑම පවා හදලා දුන්නේ එයා.එයා ලොකු කැපකිරීමක් කළා.අද එයා නැහැ.මේ දවස්වල අම්මයි නැන්දයි,ආච්චියි තරගයට අවශ්‍ය කෑම බීම හදලා දුන්නේ.මට එයා නැතිව ගෙදර ඉන්නත් බෑ.මම තවම ඉන්නේ නැන්දලාගේ ගෙදර.මට ඇය නිසා තමයි ආත්මවිශ්වාසය වැඩි වුණේ.ඇත්තටම එයාට ස්තූතියි.අද මම ලඟ එයා හිටියා නම් ගොඩාක් සතුටු වෙනවා.හැබැයි අද එයා මං ගාව නැහැ”

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads