Type Here to Get Search Results !

ෆොන්සේකාගේ රැස්වීමකට කිහිප දෙනෙක් එයි..


 මේ රට ඉදිරියට යාමට නම් රටේ ජන්දවලින් 95% ක් පාවෙන ජන්ද බවට පත්විය යුතු බව ජනාධිපති අපෙක්ෂක ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසිය.


ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඒ බව කියා සිටියේ නාවලපිටිය බස් නැවතුම්පොලේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්විම අමතමිණි.


මෙම රැස්විමේදි අදහස් දැක් වු ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ


මේ රට ඉදිරියට යන්න නම් මේ රටේ ජන්ද වලින් 95% ක් පාවෙන ජන්ද බවට පත් වෙන්න අවශ්‍යයි, දේශපාලඥයන් ජනතාවට සහල්, සිමෙන්ති, ටකරම් ලබාදිලා රවට්ටලා ජන්දය ලබාගන්නවා.


ජනතාවට මම කියන්නේ දේශපාඥයින් ලබාදෙන දේ ගන්න හැබැයි ඒ අයට ජන්දය ලබා දෙන්න එපා, ජන්දය ලබා දිය යුත්තේ උගත්, කාර්ය ශුර්ය, කැපවිමෙන් වැඩ කරන, කියන වැඩ කරන කෙනෙක්ට.


අවු 75 ක් පමණ පරම්පරා කිහිපයක් තමයි මේ රට පාලනය කලේ නමුත් ඒ පාලනයෙන් ජනතාවගේ ජිවිත වලට කිසිදු දෙයක් වුණේ නැ.


සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කලහොත් රටට කිසිදු සෙතක් වෙන්නේ නැ, අපි ජාවාරම්කාරයන් සමග වැඩ කරන්නේ නැ, එහෙම කලොත් අපිට රට හදන්න බැ.


රටේ ජනතාවගේ ජිවිත වලට ප්‍රමිතියක් ලැබෙන්න නම් ප්‍රමිතියෙන් ඉහල පාලකයන් පත් වෙන්න ඕනි, රටේ ජනතාවට තුන් වේලක් කන්න විදිහක් නැ මේ ඔක්කොම රට පාලනය කල අමන පාලකයන්ගේ වැඩ නිසා යනුවෙන් පැවසිය.


– රංජිත් රාජපක්ෂ


සරත් ෆොන්සේකා මහතාගේ රැලි පිළිබඳ සමාජ මාධ්‍යයේ ගිය වීඩියෝ මෙතනින්..

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads