Type Here to Get Search Results !

චමුදිත මරන්න පාතාලයට ඕඩරයක්.. පොලිස් ආරක්‍ෂාව යොදවයි..


 තමන් ඝාතනය කිරීම සඳහා පාතාල කල්ලියක් සැලසුම් කර සිටින බවට මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රම මහතා පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.


ඩුබාහි සැඟව සිටින පාතාල කල්ලියක් විසින් මෙම සැලසුම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරමින් ඇති බවට නාමල් කුමාර නැමැත්තා විසින් අන්තර්ජාලයට වීඩියෝ පටයක් නිකුත් කර තිබූ බවද හෙතෙම එම පැමිණිල්ල මගින් කියා ඇත.


ලැබී ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර තිබේ.


සමරවික්‍රම මහතාට මීට පෙර එල්ල වූ විවිධ තර්ජන මත දැනටමත් අවි ගත් පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව යොදවා ඇත.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads