Type Here to Get Search Results !

බංගලාදේශයේ පාරේ නඩු අසා එසැනින් දඬුවම්.. ඝාතනය කර කකුල්වලින් ගුවන් පාලම්වල එල්ලති..


 බංග්ලාදේශයේ ඇතිවී තිබෙන අරාජිකත්වය මැද ඝාතනය කරන ලද පුද්ගලයන් කිහිප දෙනෙකුගේ මළ සිරුරු ප්‍රධාන මාර්ගයක ගුවන් පාලමක එල්ලා තිබෙන ආකාරය දැක්වෙන වීඩියෝවන් සමාජ ජාල වල හුවමාරු වෙයි.


බංගල දේශය මේ වන විට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති අතර අන්තර්වාර රජයක් රජයක් පිහිටුවා එහි පාලනය භාර ගැනීම විපක්ෂය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.


නව පාර්ලිමේන්තුවක් පත්වන තෙක් හමුදාව විසින් එරට පාලනය සිදු කරමින් ඇත.


කෙසේ වෙතත් අරගලය මෙහෙයවන ශිෂ්‍ය ක්‍රියාකාරීන් සඳහන් කරන්නේ හමුදා පාලනය තමන් පිලි නොගන්නා බවත් ඔවුන් විසින් නම් කරන ලද ආචාර්යවරයෙක් පාලකයා ලෙස පත් කල යුතු බවත්ය.


බංගල දේශය පුරා ඇතිවී තිබෙන අරාජිකත්වය මැද දේපළ කොල්ලකෑම්, මනුෂ්‍ය ඝාතන, ගිනි තැබීම් රට පුරා ප්‍රදේශ රැසක වාර්තා වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


භාණ්ඩ හිගයක් ඇති වේ යයි බියෙන් ජනතාව බඩු භාණ්ඩ එක් රැුස් කරන අයුරුද දැකිය හැකිය.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads