Type Here to Get Search Results !

අනුර ජනපති වූ සතුටට රටපුරා කිරිබත් කති.. රතිඤ්ඤා දල්වති..


 අභිනව ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරීපත් වීමත් සමඟ ඊයේ (22) රාත්‍රියේ සිට දිවයිනේ බොහෝ ප්‍රදේශ වල බොහෝ ජනතාව සතුට සමරමින් සිටියි.

අභිනව ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරීපත්වූ බව මැතිවරණ කොමිෂන් සභාව නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමත් සමඟ ජනතාව ප්‍රීතියෙන් එම සතුට සමරයි.

ඊයේ රාත්‍රියේම කිරිබත්,කැවිලි ආදිය සකසා පක්ෂ පාඨ භේදයකින් තොරව අසල්වාසි නිවෙස් වලට දි ජයග්‍රහණය සැමරීම විශේෂත්වයකි.

මෙම තත්වය ග්‍රාමීය ප්‍රදේශ වල වැඩිවශයෙන් දකින්නට ලැබිණි.

මේ අතර අභිනව ජනාධිපතිවරයා ලෙස මීට සුළු මොහාතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී අනුර කුමාර දිසානායක මහතා නිල වශයෙන් දිවුරුම් දීමත් සමඟ ජනතාව රතිඤ්ඤා දල්වමින් සිය ප්‍රීතිය පලකලේය.

අද පෙරවරුවේ ද කිරිබත්,රස කැවිලි,කෙසෙල් ගෙඩි ආදිය බෙදා දෙමින් ජයග්‍රහණය සමරණ ආකාරය දක්නට ලැබිණි.

– නාගොඩ සුමන උදයන්ත

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads