ඒවා ප්‍රධාන මාර්ග හතරක් ආවරණය කරමින් කොළඹ නගරයට මගී ප‍්‍රවාහන පහසුවන් සලසනු ඇති බවද හෙතෙම කියා සිටීම.
පහත් පතුලක් සහිත මෙම සුඛෝපභෝගී බස් රථ සේවය නියමු ව්‍යාපෘතියක් ලෙස සිදු කරන බවද ඔහු සඳහන් කළේය.
මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති ආණ්ඩු දිසානායක මහතා අද පාර්ලිමේන්තුවට අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරමින් මේ බව පැවසුවේය.
---------------------------------
රජය විසින් නව සංවර්ධන බැංකුවක් පිහිටුවීමට කටයුතු කරමින් සිටින බවත් පළමු පියවර ලෙස දැනට පවතින රාජ්‍ය බැංකු යාන්ත්‍රණය හරහා ස්ථාපිත කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.
ජාතික ණය ඇපකර ආයතනය හරහා රජය විසින් මෙම ආයතනයට සහය දෙන බවත් ඔහු පැවසීය.
මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති ආණ්ඩු දිසානායක මහතා අද පාර්ලිමේන්තුවට අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරමින් මේ බව පැවසුවේය.
---------------------------------
මහපොළ ශිෂ්‍යාධාර මුදල රුපියල් 5000 සිට රුපියල් 7500 දක්වා වැඩි කිරීමට වැඩි කිරීමටත්, වෘත්තීය අධ්‍යාපනය හදාරන සිසුන් වෙනුවෙන් දෙන දීම නව රුපියල් 4000 සිට රුපියල් 5000 දක්වා වැඩි කිරීමටත් ශිෂ්‍යාධාර දීමනාව රුපියල් 4500ට රුපියල් 5000 දක්වා වැඩි කිරීමටත් 2025 වසර සඳහා වන අයවැය යෝජනාවලිය මගින් යෝජනා කර තිබේ.
මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති ආණ්ඩු දිසානායක මහතා අද පාර්ලිමේන්තුවට අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරමින් මේ බව පැවසුවේය.


