Type Here to Get Search Results !

රටම කළඹපු තෙල්දෙණිය අභිරහස ගැන අයියා කියන ආන්දෝලනාත්මක කතාව..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

පසුගිය කාල වකවානුව තුළ බොහෝ ආන්දෝලනයට තුඩ දුන් සිදුවීමක් තමයි . තෙල්දෙණිය ප්‍රදේශයේ අබිරහස් ලෙස මිය ගිය භෞතික චිකිස්සකවරිය මේ ගැන තව දුරටත් ඔහුගේ සහෝදාරයා යූ ටියුබ් වැඩසටහනකට එක්වෙමින් සදහන් කළේ මෙවන්නක්

'' චූටි නංගි කියන්නේ මට වඩා අවුරුදු 16 ක් බාල පුංචි නංගි .මගෙ නංගි ඉගන ගන්න ගොඩක් දක්ෂයි . ඉතිං අපි තීරණය කළා අපි නොගිය තැනට අපේ බාලම නංගි අරගන යන්න ඕනේ කියලා. ඒකට වැඩිමහල් අපි හුගක් කැපවීම් කළා. ඇය ගිය වැලිගම සුමංගල පාසලට ඊට පස්සේ කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා ඇයට වෛද්‍යවරියක් වෙන්න ලකුණු කිහිපයක අඩුවක් තිබුණා ඒ නිසා ඇය භෞතික චිකිස්සක පාඨමාලාව ඇය තෝරගත්තා ඇය අම්පාර රජයේ රෝහලට පත්වීමක් ලැබුණා . ඇය ඒ සම්බන්ධව උපාධියක් කළා . ඇය කරන දේ හරියට කළා . ඇයට අවුරුදු 33න් ක් වෙනකොට අපි විවිධ යෝජනා ඇයට ගෙනවා ඇය කැමති වුණේ නෑ . ඇය කසාද බදින් නෑ කියලා , ගිය අවුරුද්දේ දවසක ඇය මට කෝල් කරලා කිව්වා අයියේ බදින්න කෙනෙක් මම හොයා ගත්තා කියලා . ඊට පස්සෙ මම කිව්වා හොදයි ඒත් මට විස්තර දෙන්න කියලා photo එකක් දාන්නම් කිව්වා . ඒ වෙලාවෙ මට විස්තර වගයක් කිව්වා . එයා ඉන්ජිනියර් කෙනෙක් කිව්වා නුවර කිව්වා ,මම කිව්වා විස්තර දෙන්න කියලා , දිසානායක මුදලිතුමාගේ ඕවගේ තොරතුරු කිවා' නුවර ඉදන් කොහොමද ප්‍රේම සම්බන්ධයක් ඇති වෙන්නේ කියලා ප්‍රශ්නයක් මට තිබුණා

අම්පාර කච්චේරියේ වැඩ කරන ගෑණු කෙනෙක් . එයාව තම බදින්න ආවෙ නමුත් එයාගේ හැසිරීම අල්ලන්නේ නෑ මම එයව බදින්න කැමති නෑ කියලා ඒ කාලේ අර කච්චේරියෙ වැඩ කරන ගෑනු ළමයාගෙන් අයින් වෙලා තිබුණා .

අපේ නංගි තමා හොදම කෙනා කියලා එයාට කියලා අපේ නංගි නිවාඩු දවසේ එයත් එක්ක අපේ පොඩි නංගිගේ ගෙදරට ඇවිල්ලා තිබුණා . එයා අපේ නංගිව ගෙනත් ඇරවලා යනවා . දවසක් නංගි මට කෝල් කරලා කිව්වා මට ලක්ෂ තුනක් දෙන්න පුලුවන්ද අයියේ කියලා . මම හා කියලා දුන්නා , මට නංගි ආපහු සල්ලි දුන්නා.

මම ඒත් හෙමින් හෙමින් හෙව්වා . මට නංගි එකක් කියලා තිබ්බා ඒ එයා ගැන හොයන්න එපා හැමදේම දන්නවා කියලා . මම ඒත් හෙව්වා ඒම කෙනෙක් ඉන්නවා කියලා දැනගත්තා මගෙ යාලුවෙක්ගෙන් .

චූටි නංගි අසනීප වුනා .එතකොට දිනෙත් කියන පුද්ගලයා නෙමේ නංගිව ඇරලවලා තිබුණේ එයා තනියම ඇවිල්ල තිබුණේ .වෙනදා වගේ නෙමේ නංගි අසනීප වෙලා ඊට කළින් නංගි මට කියලා තිබුණා කසාද බැදලා කැනඩා යන්න හදන්නේ කියලා ඒ ඩොකියුමන්ට් හදන්න ලක්ෂ 50 ණයට ගත්තා කිව්වා.

ඊට පස්සේ මෙයා කිව්වා මීට වඩා ණයයි කියලා අපිට හිතුණා ලක්ෂ 150 ක් ණයයි කිව්වා .

පෙම්වතා ගෙවනවා කිව්වා ලක්ෂ 75 ක් එව්වා කියලා නංගි කිව්වා.

රෝහලේ වැඩ වැඩිත් කිවා අයින් වෙන්න ඕනෙ කිව්වා. එපාර්ට්මන්ට් එකක් ගත්තා කිව්වා . මම කිව්වා ගමේ යං කියලා . අයියලගේ ගෙදර යන්න එපා එපාර්මන්ට් යන්න එපා කියලා . වැඩට යනවා කියලා කිව්වේ , ඒත් ගිහින් නෑ .චූටි නංගි නුවරඑළියේ ඉන්නවා කියලා ආරංචියක් ආවා . අපි ඇහුවාමා ඔව් ආවා කිව්වා අසනීපයි අයියා කිව්වා . ඔලුව රිදෙනවා ණය දෙන්නත් තියනවා කිව්වා . ලක්ෂ 150ක් නංගි විටින් විට දාලා තියෙන්නේ . එකකට දැන් අපි ඩොකියුමන්ට් හදලා තියෙන්නේ කිව්වා . පස්සෙ දවසක මට කෝල් කරලා. අයියා මට අසනීපයි මට පීඩනේ වැඩියි කිව්වා ,මම කිව්වා බේත් ගන්න කිව්වා . ඇයි යන් නැත්තේ කිව්වා මට බයයි කියලා.

අරයා මට සල්ලි දුන්නේ නෑ මට බයයි එළියට යන්න .

අපි තරහ නෑ කිව්වා .මම ඇහුවා මම පොලීසි යන්නද කියලා . එපා කිව්වා

මට ගන්නම් කිව්වට ගත්තේ නෑ .එයා අසනීප වෙලත් ඇයි අසනීප වෙලා ඇයි එන්නැත්තේ කියලා මට ප්‍රශ්නයක් මතු වුණා

 

නංගි කතා කළේ නෑ මම නුවර එළියෙ යන්න ගත්තා . මම පොලීසියට ගියා පැමිණිල්ල ලියාගන්න කලින් ගියා අපි ගියා හොයාගන .

මැනේජ‍ර් ඇවිත් කිව්වා ,මිස් කෙනෙක් ඉන්නවා කිව්වා . එයා ගියාද රෑ එළියට කියාලා අපි එතනට ගියා . එතන හිටියේ නෑ ජනේලෙ උස්සලා ජනේලේ ඇතුළට පන්නලා ගියා එතන හිටියේ නෑ.

අපි cctv බැලුවා රෑ 9.50 ට වාහනෙන් දිනෙත් දිසානායක කියන මනුශ්‍යයා එනාවා . නංගිගේ බෑග් ටික අරගන බෑග් ටික දානවා ආයේ උඩට ගිහින් එතකොට අර සිකුරුටි එක්කෙනා කිව්වා බේත් ගන්න ගියා කිව්වා මම පොලීසියේ සර් හම්බුණා .

එතකොට කිව්වා හොයලා බලන්න කිව්වා ,නංගිගේ නම්බරේ වැඩ නැ කිව්වා දිනෙත් කතා කරලා පොඩි නංගිට කිව්වා airport එක ඇතුළේ ඉන්නෙ කියලා නංගිට කතා කරන්න දුන් නෑ . පොලීසියට ඒක කිව්වම හෙව්වා හොදටම.

අපරාධ අංශයට කෝල් එකක් එනවා වාහනේ එකමයි පුද්ගලයෙක් කතා කරලා කිව්වා . මම තෙල් දෙණියට යන්න එපා කිව්වා . ඊට පස්සෙ කිව්වා මම තෙල්දෙණියට ගියා මට නංගි හිටපු විදිහෙ photo එක දැක්කා .ඔහුමයි අපරාධ අංශයට කෝල් කරලා තිබුණේ .

මේ ගැන තවමත් තීන්දුවක් නැහැ කටින් ලේ ඇවිල්ලා තිබුණේ කකුළේ කැනියුලා එකක් තිබුණා . අදටත් මට හිතෙන්නේ නංගි මැරුවා

තාමත් තීන්දුවක් දීලා නෑ කෝටි එක හමාරක් පමණ වංචා කරලා තියනවා .ඔහුගේ ඇත්ත නම චම්පික ශ්‍රීනාත් ජයසුන්දර වාහනේ ඔහුගේ නෙමේ .

අම්පාර කච්චේරියේ තිළිණිගේ නමට තියෙන්නේ ඒ වාහනේ අයිති . මේ සම්බන්දෙට මාස 8 යි . මේක ගොඩක් කාලයක් තිස්සේ සැළසුම් කරපු එකක් ඔහු කුරුනෑගල ප්‍රදේශයේ හිටපු කෙනෙක් . ''

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads