නීති විරෝධී ලෙස එකලස් කරන ලද ජිප් රථයක් හලාවත ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් පරිහරණය කරන බවට ලද තොරතුරකට අනුව නීති විරෝධී වත්කම් විර්මශන කොට්ඨාසය මඟින් විර්මශනයක් ආරම්භ කර තිබිණි.
ඒ අනුව 2025.02.18 ව දින සවස් කාලයේදී මෙම ජිප් රථයේ හිමිකරු ලෙස පෙනී සිටි පුද්ගලයා සහ එය භාවිතා කරන ලද ඔහුගේ පුත්‍රයා නීති විරෝධී වත්කම් විර්මශන කොට්ඨාසයට කැඳවා ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව නීති විරෝධී ලෙස කොටස් එකලස් කර ව්‍යාජ අංක තහඩු යොදා එම රථය පරිහරණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 63 ක් වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ වයස අවරුදු 31 ක් වන ඔහුගේ පුත්‍රයා වේ.
සැකකරුවන් 2025.02.19 වන දින මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.


