Type Here to Get Search Results !

ගෝලීය ඉස්ලාම් ත‍්‍රස්ත ජාලයේ අයෙක් මාලිමා කාතන්කුඩි අපේක්‍ෂක වෙලා..- ඥාණසාර හිමි


 ශ‍්‍රී ලංකාව ඉස්ලාම් රාජ්‍යයක් කිරීමට උත්සාහ දැරෑ සියලු දෙනා අද වර්තමාන ආණ්ඩුව සමඟ සිටින බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පවසති.


කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.


‘පාස්කු ප‍්‍රහාරය සිදු කිරීම සඳහා ගෝලීය ත්‍රස්ත ජාලය සමඟ සම්බන්ධවෙලා නවසිය අනූ ගනන් වල ඉඳල මේ රට තුළ ඉස්ලාම් රාජ්‍යයක් මේ රට ඉස්ලාම් රාජ්‍යයක් කරන්න ඕනෑ කියලා සාකච්ඡා කරොත් ඒ වෙනුවෙන් පුහුණු වෙච්ච ඒ වෙනුවෙන් විදේශයන් වලට තරුණයන්ව යවපු ඒ කණ්ඩායම් ඔක්කොම හිරිකිතයක් නැතුව අදත් මේ ආණ්ඩුවත් එක්ක ඉන්නේ.


‘බුහාරි මුහම්මද් ප‍්‍රදාස් නලීම්’ කියන මේ පුද්ගලය ඒ කූට අරමුණ සඵල කර ගැනීම සඳහා NPP කාතන්කුඩු මැතිවරණ කොට්ඨාසයේ අපේක්ෂක ලෙස ඉදිරිපත් වෙලා.


ඉතින් හොරාගේ අම්මගෙන් පේනවා වගේ තමන්ගේ ආණ්ඩුව අස්සේ 2015 ඉඳලා ජාතික ජන බලවේගයේ මේ ඇතුලෙ ඉඳලා හදපු හරිනම් අද කරන්න ඕන මොකක්ද ඒක හොඳයි.


කාදිනල්තුමාටයි කතෝලික සභාවටයි සන්තෝස වෙන්නේ මේ ජමාතේ ඉස්ලාම් ව්‍යාපාර ලංකාවෙ තහනම් කලා නම් හුගක් ප‍්‍රශ්ණ විසදෙනවා.


මේ ඉන්නෙ ඒකෙ ලේකම්වරයා හාරිස් කියන නීතිඥයා. ඉතින් මේ ආණ්ඩුවත් එක්ක ඉන්නෙ. පාස්කු ප‍්‍රහාරයට කොහෙද සාධාරණයක් ඉෂ්ට වෙන්නෙ’

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads