Type Here to Get Search Results !

‘බඩු වල ගණන්වලට තමයි මතක් වෙන්නේ’ කියා ජනපතිගේ මූණට කිවුවේ නෑ..- රජයේ ප‍්‍රවෘත්ති ජනරාල්


 රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.


ඊයේ (30) දින ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කලක් තමා පදිංචිව සිටි, ගල්කිරියාගම ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අවස්ථාවකට අදාළ වීඩියෝවක් මාධ්‍යවල වාර්තා කර තිබිණි.


අදාළ වීඩියෝව මඟින් එම ගම්මානයේ විවිධ පිරිස් විසින් ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහි පදිංචිව සිටි කාලයේ ඔවුන්ට ගණිතය විෂයය ඉගැන්වූ ආකාරය සිහිපත් කරමින් ජනාධිපතිතුමාට ප්‍රශංසා කිරීම සහ ගුරුවරයෙකු ලෙස එතුමා සමග තිබූ සම්බන්ධතාව ස්මරණය කරමින් සාකච්ඡාවක යෙදෙන ආකාරය දක්නට ලැබිණි.


එහෙත් එම වීඩියෝව ” Hiru News” ෆේස් බුක් පිටුව ඔස්සේ “බඩු වල ගණන්වලට තමයි මතක් වෙන්නේ ” ලෙස මහජනතාව නොමග යවන සුළු ශීර්ෂයක් සහිතව සහ එම අවස්ථාවට සාවද්‍ය අර්ථ කථනයක් ලැබෙන ලෙස වාර්තා කර තිබිණි.


අදාළ ෆේස්බුක් පිටුවේ මෙම සාවද්‍ය සහ නොමග යවන සුළු, වගකීම් විරහිත මාධ්‍ය වාර්තා කරණය පිළිබඳව අතිශයින් කණගාටු වන අතර එම පුවත හැකි ඉක්මනින් නිවැරදි කරන ලෙස ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටිමි.


වගකීම් සහගත හා මහජනතාවගේ නිදහස් චින්තනයට ගරු කරන මාධ්‍ය සම්ප්‍රදායක් වෙනුවෙන් එක්වන ලෙස සියලු පාර්ශව වලින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටී.


එච්.එස්.කේ.ජේ. බණ්ඩාර

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads