ඇගලුම් කර්මාන්ත සේවිකාවන් රැගෙන යෑමට ගාල්කර තිබූ පෞද්ගලික බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් එම බස් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති බව නෝර්වුඩ් පොලිසිය පැවසීය.
හැටන් මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ නිව්වැලි වත්ත ප්‍රදේශයේ පිහිටි ඇගලුම් කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවකයින් රැගෙන යාම සදහා ප්‍රධාන මාර්ගය අභියස ගාල්කර තිබූ බස් රථයක් මතට ගස කඩාවැටී ඇති බවත්, ගස කපා ඉවත් කරන තෙක් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු (30) දින පස්වරු 6:00 සිට රාත්‍රි 8:00 පමණ වන තෙක් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.
ගස කඩා වැටෙන අවස්ථාවේ බස් රථය තුල කිසිවෙක් සිට නොමැති බවත්, ගස කඩා වැටිමෙන් බස් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති බව නෝර්වුඩ් පොලිසිය පැවසීය.
– රංජිත් රාජපක්ෂ