Type Here to Get Search Results !

ජනාධිපතිට හොරෙන් සිරකරුවන් 25කට නත්තලට ජනාධිපති සමාව දීලා..


 නත්තල් දිනය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබා දුන් සිරකරුවන් අතරේ එසේ නිදහස් කිරීමට කිසිසෙත් සුදුසුකම් ලබා නොමැති සිරකරුවන් 25 දෙනකුද නීති විරෝධී ලෙස මුදා හැර ඇති බවට තොරතුරු හෙළි වී ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.


ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට සුදුසුකම් ලබා නොමැති සිරකරුවන් 25 දෙනකු දිවයිනේ පිහිටි බන්ධනාගාර කිහිපයකින් මුදා හැර තිබෙන බව මෙතෙක් කළ පරීක්ෂණ වලින් පෙනී ගොස් ඇතැයි එම රහස් පොලිස් ආරංචි මාර්ග වලින් වැඩිදුරටත් දැන ගැනීමට ඇත.


රහස් පොලිසිය මෙම 25 දෙනා මුදා හැරීමට අදාළව පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.


මෙම සිරකරුවන් 25 දෙනා මුදා හැරීම් සම්බන්ධයෙන් එම බන්ධනාගාරවල වගකිවයුතු නිලධාරීන්ගෙන්ද ළඟදීම දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බව කියයි.


අනුරාධපුර බන්ධනාගාරයේ මුදල් වංචාවක් සම්බන්ධයෙන් රඳවා සිටි සිරකරුවකු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට නියමිතව සිටි සිරකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර මුද හැරෙන ලදැයි කියන සිද්ධියට අදාළව සිදු කරන පරීක්ෂණ වලදී මේ බව හෙළි වී ඇතැයි ද රහස් පොලිසිය පවසයි.


– ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads