Type Here to Get Search Results !

CEB-PUCSL දැඩි ගැටුම් මැද IMF බලා සිටිද්දී විදුලිබිලේ සුබාරංචිය එයි..


 18.3%කින් විදුලි ගාස්තුව ඉහළ නැංවීම සඳහා කර ලංකා විදුලිබල මණ්ඩලය කර ඇති යෝජනාව පිළිබඳව මහජන උපයෝගිතා කොමිසම සහ මණ්ඩලය අතර දැඩි ගැටුම්කාරී තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වෙයි.


විදුලි බල මණ්ඩලය විදුලි ගාස්තු ඉහළ නැංවීමට යෝජනා කර ඇතත් මහජන උපයෝගීතා කොමිසම ඊට විරෝධය පළ කර ඇති බවද සඳහන් වෙයි.


මේ අතර විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටින විදුලි ගාස්තු ඉහල නැංවීම සඳහා මුදල් අමාත්‍යංශය ද අනුමැතිය ලැබී තිබේ.


මෙම තත්ත්වය මත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සිය මතය මහජන උපයෝගීතාව කොමිසම් විසින් අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.


ජාත්‍යන්තර මුල්‍ය අරමුදලද රජයට දැඩිව කියා ඇත්තේ විදුලි ගාස්තුව 18.3%කින් ඉහළ දැමිය යුතු බවය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads