එහි විද්‍යා අංශ ප්‍රධානී, මහාචාර්ය දුෂ්‍යන්ත මැදගෙදර මහතා පෙන්වා දෙන්නේ නව කොවිඩ් ප්‍රභේදය අඩු බැරෑරුම් තත්ත්වයක් පෙන්නුම් කරන අතර රෝගීන්ට සංකූලතා අඩු බවයි.
කෙසේ වුවද ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන්, වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන් මෙන්ම නිදන් ගත රෝග පවතින පුද්ගලයන් අවදානම් සහිත කාණ්ඩ වන බැවින් හතිය, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා ඇත්නම් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙසද ඒ මහතා ඉල්ලා සිටී.
මහාචාර්වරයා පෙන්වා දෙන්නේ පැතිරයන නව කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ මේ වන විට බරපතළ තත්ත්වයක් නොමැති වුවද වයිරස තත්ත්වයක් යනු දිනපතා වෙනස්වන්නක් වන බැවින් සියලු දෙනා සැලකිලිමත්ව සිටිය යුතු බවත්ය.
ඒ අනුව නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙස මහාචාර්ය මැදගෙදර මහතා ඉල්ලා සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී මේ සම්බන්ධයෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
නිදර්ශනී වික‍්‍රමසිංහ