Type Here to Get Search Results !

මාලිමා-කුකුල් සභාපති ගිය කැබ් රිය පල්ලමකට පෙරලේ.. රාජ්‍ය ලාංඡන මකා පුද්ගලික ගමන්වල..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිනි ලංකා කම්කරු කොංග්‍රසයේ සත්‍යමූර්ති රතිදේවි මහත්මිය ගමන් ගත් ප්‍රාදේශීය සභාවට අයත් කැබ් රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් වී ඇත.

 

ඩයගම පොලිස් වසමට අයත් වෙවර්ල් වතු යායේ මෝර් නින්ටන් කොටසේදි (28) දින පස්වරු 4:00ට පමණ මෙම අනතුර සිදු වී ඇත.

 

එම වතු යායේ පැවති පිලිගැනීමේ උත්සවයකට සභාපතිනිය සහ ඇගේ සැමියා සහ රියදුරත් ගමන් කරමින් සිටියදි කැබි රථය ලිස්සා ගොස් මාර්ගයෙන් ඉවතට පැන තේ වත්තට පෙරලී මෙම අනතුර සිදු වි ඇති අතර, අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැත.

 

එම ප්‍රාදේශිය සභාවේ නව සභාපතිනිය වශයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ සත්‍යමූර්ති රතිදේවි මහත්මිය විවෘත ඡන්ද 08කින් තේරී පත් වු අතර, එම සභාවේ උප සභාපතිවරයා වශයෙන් ජාතික ජන බලවේගයේ අල්ලිමුත්තු ප්‍රදීප් දිනේශර් මහතා තේරි පත්විය. ඡන්දය ප්‍රකාශ කිරිමේදි ස්වාධීන මන්ත්‍රීවරුන් 02 ජන්දය ප්‍රකාශ කිරිමෙන් වැළකී සිටියහ.

 

එම සභාවට තේරිපත් වූ සත්‍යමූර්ති රතිදේවි මහත්මිය මාධ්‍ය හමුවේ කියා සිටියේ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිවලට අනුකූලව ආගරපතන ප්‍රෙද්ශයේ ජනතාවට ප්‍රා දේශීය සභාව තුලින් උපරිම සේවාවක් ඉටු කරන බවයි.

 

මේ අතර, ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපතිධූරය දරණ නුවරඑලිය, ආගරපතන සහ කොටගල යන ප්‍රාදේශීය සභාවල නිළ කැබ් රථවල රාජ්‍ය ලාංජනය සහ ප්‍රාදේශිය සභාවේ නම ඉවත් කර සභාපතිවරුන් විසින් එම නිළ කැබ් රථ පෞද්ගලික ගමන් බිමන් සහ දේශපාලන කටයුතු වලට භාවිතා කරන බව එම ප්‍රාදේශීය සභාවල සේවකයින් කියා සිටියි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads