Type Here to Get Search Results !

වැලිගම මන්ත‍්‍රී දෙපල පැහැරගැනීමේ තොරතුරු හෙලිවේ.. ඔවුන් අඹුසැමියන්..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

අජිත් ප‍්‍රියන්ත හා කමනි මාලා අල්විස් යන ජාතික ජනබලවේගයේ වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනා ඊයේ (ජුනි 27) පෙරවරුවේ පැහැරගෙන යාමක් වාර්තා විය.

ඔවුන් දෙදෙනා ගාල්ල, දෙවට ප්‍රදේශයේදී සොයාගෙන ඇති බව ගාල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

ඊයේ (ජුනි 27) උදෑසන වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති තේරීමේ මංගල සභා වාරයට සහභාගී වීමට ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී, කනංකේ, නලවන 05 කණුව අසලදී මෙම පැහැර ගැනීම සිදුවී තිබේ.

පිටුපසින් පැමිණි කැබ් රථයක් ත්‍රිරෝද රථයට හරස් කර නවතා මන්ත්‍රීවරුන් දෙදෙනා බලහත්කාරයෙන් ත්‍රිරෝද රථයෙන් බස්සවා, ඇස් බැඳ කැබ් රථයට නංවාගෙන ගොස් ඇත.

පැහැර ගැනීමට ලක්වූ මන්ත්‍රීවරියගේ සැමියා අදාළ ත්‍රිරෝද රථයේ රියදුරු ලෙස කටයුතු කර ඇත.

පසුව පැහැරගත් පිරිස මන්ත්‍රීවරුන් දෙදෙනා ඔවුන්ගේ නිවසට රැගෙන ගොස් ඇස් බැඳ තිබූ රෙදි පටි ඉවත් කර, ඔවුන්ගේ ජංගම දුරකථන ලබාගෙන තිබේ. ඉන්පසු නැවත කැබ් රථයට නංවාගෙන ගාල්ල, දෙවට ප්‍රදේශයේ දමා ගොස් ඇත.

අනතුරුව මන්ත්‍රීවරුන් දෙදෙනා එම ස්ථානයේ සිට ත්‍රිරෝද රථයකින් අහංගම ප්‍රදේශයේ පිහිටි මන්ත්‍රීවරියගේ තාවකාලික නිවසක් වෙත පැමිණ තිබේ.

කැබ් රථයෙන් පැමිණි නොහඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම පැහැර ගැනීම සිදු කර ඇති නමුත්, මන්ත්‍රීවරයාට හෝ මන්ත්‍රීවරියට පහරදීමක් හෝ බිය වැද්දීමක් සිදු කර නොමැති බව වාර්තා වේ.

කනංකේ පොලීසිය සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සහ කැබ් රථය අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන පවත්වයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads