කටාර් රාජ්‍යයේ අගනුවර වන දෝහා නගරයට ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර එල්ල වී ඇති බවට රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
මෙම තත්ත්වය හමුවේ මැද පෙරදිග රටවල් ගණනාවක් තම ගුවන් සීමාවන් වසා දමා ඇති අතර, කටාර් රාජ්‍යයේ පිහිටි ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාල විසින් තම පුරවැසියන්ට “ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙස” දැනුම් දී ඇත.
ඊශ්‍රායල නිලධාරියෙකු උපුටා දක්වමින් ඇක්සියෝස් (Axios) වාර්තාකරුවෙකු ප්‍රකාශ කර ඇත්තේ ඉරානය විසින් කටාර්හි පිහිටි ඇමරිකානු ගුවන් කඳවුරු ඉලක්ක කර ගනිමින් මිසයිල හයක් දියත් කර ඇති බවයි.
එමෙන්ම, ඉරානය විසින් ඉරාකයේ පිහිටි ඇමරිකානු ගුවන් කඳවුරු ඉලක්ක කර ගනිමින් ද ප්‍රහාර එල්ල කර ඇති බවට බ්‍රිතාන්‍යයේ ස්කයි නිවුස් (Sky News) පුවත් සේවය වාර්තා කරයි.