සෙවනගල සීනි සමාගමේ මේ වන විට ගැටලු රාශියක් පැන නැගී ඇති බව සෙවනගල උක් ගොවීන් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියහ.
මාස 06ක් තිස්සේ පොහොර ලබා දී නැති බවත් පවසන ඔවුන් ඇමතිවරයා විසින් එතනෝල් 800 ට දෙන බව කියන්නේ 500ටවත් දෙන්න බැරිව ඉන්න අවස්ථාවක යයිද ඔවුන් කියති.
ගොවීන්ගේ උක් ගස් සදහා ගෙවීම් පසුගිය කාලයේ කෙටි කාලයකින් සිදු කල බවත් මේ වන විට ගොවීන්ගේ ගෙවීම් ප්‍රමාද කර ඇති බවටත් ඔවුන් චෝදනා කලහ.
මාස 11න් අස්වැන්න නෙලිය යුතු වගාවන් මේ වන විට මාස 15ක් වී ඇති බවද අද වන විට කර්මාන්ත ශාලාව දුවන්නේ එක් කොටසක් බවත් ඔවුන් පෙන්වා දුන්හ.
මීට පෙර අවස්ථාවකදී මේම ගැටලු සම්බන්ධයෙන් ගොවීන් විසින් මාධය හමුවක් පවත්වන ලදී.
නමුත් අමාත්‍ය වරයා ඇතුලු නිළධාරීන් ගොවීන්ගේ ප්‍රකාශ ප්‍රතික්ෂේප කර ගොවීන්ට චෝදනා කරන ලද අතර මෙම මාධ්‍ය හමුව කැදවමින් සෙවනගල උක් ගොවීන් ඒ සදහා පිලිතුරු ලබාදුන්හ.