Type Here to Get Search Results !

බිමල් අත්අඩංගුවට ගන්න කියා විරෝධතා..


 රේගු පරීක්‍ෂාවකින් තොරව බහාලුම් නිදහස් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා නව ජනතා පෙරමුණ විසින් අල්ලස් කොමිෂන් සභාවට පැමිණිල්ලක් බාර දී ඇත.


දුන්නා නව ජනතා පෙරමුණ අදාල විමර්ශන කඩිනම් කරන ලෙස රජයට බල කරමින් අල්ලස් කොමිෂන් සභාව ඉදිරිපිට විථි නාට්‍යයක් රඟ දක්වමින් විරෝධතාවකද නියළුනේය.


‘රේගු අධ්‍යක්ෂ ජෙනරල්තුමා කියනවා කැබිනට් අනුකමිටුවේ සභාපති බිමල් රත්නායකගේ උපදෙස් මත තමයි මේක නිදහස් කළේ කියලා. එහෙනම් බිමල් රත්නායක දැන් අත්අඩංගුවට ගන්න ඕන. පාතාලය ශීඝ්‍ර ලෙස හිස උස්සලා තියෙනවා. අපිට සැකයක් තියෙනවා පාතාලයෙන් පත්තු වෙන හැම වෙඩි උණ්ඩයක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියල.


ජනාධිපතිතුමනි දූෂිත වෙන කවුරුත් නෙමෙයි ඔබතුමාගේ ආණ්ඩුවේ සභානායකවරයා ඔබතුමාගේ කල්‍යාණ මිත්‍රයා ඔබතුමාගේ දේශපාල මණ්ඩල සභිකයා තමයි බිමල් රත්නායක තමයි මේ දූෂණය පිටිපස්සේ ඉන්නේ.


ඔබතුමා බිමල් රත්නායකවත් අත්අඩංගුවට ගන්න අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුවට අල්ලස් කොමිෂන් සභාවට අවශ්‍ය නියෝග නිකුත් කරන්න’ යයි එම පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා පැවසුවේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads