Type Here to Get Search Results !

ගම්මන්පිල නිදොස් කොට නිදහස්.. විදෙස් ගමන් තහනමත් ඉවත් කෙරේ..


 හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කිරීමට කටයුතු කරන්නැයි කොළඹ මහාධිකරණය විසින් අද දිනයේ ආගමන හා විගමන පාලකවරයාට නියෝග කරන ලදී.


ඉකුත් මාර්තු මස 24 වනද කොළඹ මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබුණද තිබූ විදේශ ගමන් තහනම මෙතෙක් ඉවත් කර නැතැයි ඒ මහතා විසින් අධිකරණයට මෝසමක් මාර්ගයෙන් කරන ලද ඉල්ලීම මත මෙම පියවර ගෙන ඇත.


ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුගේ රුපියල් මිලියන 20ක මෙරට සමාගම් කොටස් සම්බන්ධයෙන් සාපරාධි විශ්වාසය කඩ කළේ යැයි එල්ල වී තිබූ චෝදනා වලින් ගම්මන්පිල මහතා අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරන ලද්දේ ඉකුත් මාර්තු 24 වැනිදායි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads