Type Here to Get Search Results !

ඉරාන උත්තරීතර නායකයාගෙන් අමෙරිකාවට රිදෙන පිළිතුරක්..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

අමෙරිකාව විසින් තමන්ට ප්‍රහාරයක් එල්ල කළත් ඉන් තම රටට බරපතළ හානියක් සිදු නොවූ බව ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පවසයි.

 

තමන් කිසිවෙකුට හෝ යටත් නොවන ජාතියක් බවත්, ඊශ්‍රායලයට එරෙහි යුද්ධය ඉරානය ජයගත් බවත් හෙතෙම පවසයි.

 

ඉරාන රාජ්‍ය රූපවාහිනිය හරහා පටිගත කළ වීඩියෝවක් යොමුකරමින් ඔහු අද (26) මේ බව පැවසීය.

 

ඊශ්‍රායලය විසින් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඉකුත් ජුනි 13 වනදා ප්‍රහාර එල්ල කිරීමෙන් පසු අලි කමේනි පෙනී සිටි පළමු අවස්ථාව ද මෙය වේ.

 

අමෙරිකාව විසින් ඉකුත් 22වනදා B2 ප්‍රහාරක යානා යොදාගනිමින් සිය න්‍යෂ්ටික මධ්‍යස්ථාන කිහිපයකට බංකර්-බස්ටර් බෝම්බ හෙළමින් සිදුකළ ප්‍රහාරය ගැනද මෙම වීඩියෝව හරහා කමේනි කරුණු දැක්වීය.

 

එහිදී ඔහු පවසා සිටියේ, අමෙරිකාව විසින් එම ප්‍රහාරයෙන් තමන්ට සංඛේතාත්මක බලපෑමක් කළත්, ඉන් ඉරානයට දැනෙන බලපෑමක් සිදු නොවූ බවයි.

 

එමෙන්ම ඉරානය කිසිදු දිනක යටත් නොවන බවත් මෙහිදී පැවසීය.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads