සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
ඉරානය හා ඊශ්‍රාලය අතර යුද්ධය ඉතා ඉක්මනින් වුවත් යලි ආරම්භ විය හැකි බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කළේ නෙදර්ලන්තයේදී පැවැත්වෙන නේටෝ සමුළුවට සහභාගි වීමෙන් පසු මාධ්‍යවේදීන්ට අදහස් පළ කරමිනි.
”ඔවුන් දෙපාර්ශ්වයටම දැන් මහන්සියි. වෙහෙසට පත් වෙලා ඉන්නේ. ඔවුන් ඉතාම දරුණු ලෙස යුද වැදුණා. නමුත් ඔවුන් දෙගොල්ලම එය අතහැරීමට තරම් සෑහීමකට පත් වුණා. නමුත් යුද්ධය යළි ආරම්භ විය හැකියි. මම හිතන්නේ කවදා හරි. එය ඉතා ඉක්මනින් වුවත් ආරම්භ වෙන්න පුළුවන්. ඉරානය සතුව විශාල අවස්ථාවන් තිබෙනවා. ඔවුන්ට ගොඩාක් දේවල් කළ හැකියි.
නමුත් මම දකින්නේ නැහැ, ඔවුන් යළි න්‍යෂ්ටික ව්‍යාපාරය සමග නම් සම්බන්ධ වෙයි කියලා. ඔවුන් වසර 20ක් තිස්සේම එය කළානේ. මට නම් පේන්නේ නැහැ එය නැවත සිද්ධ වේවි කියලා. නමුත් කවදන හරි එය සිද්ධ වෙනවානම් අපි එතන ඉන්නවා. ඒ මම නොවෙන්න පුළුවන්, නමුත් කවුරු හෝ එතන ඉන්නවා. නමුත් අපි එතන ඉන්නවා. අපිට ඒ වෙනුවෙන් දෙයක් කරන්නම වෙනවා.
අපි ලබන සතියේ ඉරානය සමග යළි සාකච්ඡා කරනවා. අපි සමහර විට ගිවිසුමක් අත්සන් කරයි. මම දන්නේ නැහැ, මට නම් ඒක ඒතරම් අවශ්‍ය නැහැ කියලා හිතෙනවා. මට එතන ගිවිසුමක් තිබුණත් එකයි, නැතත් එකයි. අපි ඉල්ලන එකම දේ තමයි අපි මීට කලින් ඉල්ලපු දේ. අපිට න්‍යෂ්ටික බලය අවශ්‍ය නැහැ. අපි න්‍යෂ්ටික බලය විනාශ කළා. ඒක විනාශ වෙලා ඉවරයි දැන්. අපි ඒක පුපුරවා හැරියා. ඒ නිසා මට ඒක එතරම් තදින් දැනෙන්නේ නැහැ. නමුත් අපිට ලියවිල්ලක් ලැබෙනවා නම් හොඳයි. ඒක නරක නැ”