Type Here to Get Search Results !

‘කොරෝනා පැතිරෙනවා.. මුව ආවරණ දාන්න’ ලිපිය අවලංගු කරයි..

‘මුඛ ආවරණ පළඳින ලෙස දැනුම්වත් කිරීම’ මැයෙන් බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් විසින් නිකුත් කර ඇති වැරදි සහගත අර්ථ කථනයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන බැවින් වහාම එම ලිපිය අවලංගු කිරීමට පියවර ගෙන ඇතැයි බස්නාහිර පලාත් ප‍්‍රධාන ලේකම්වරිය සදහන් කරයි.


එම ලිපිය නිකුත් කර ඇත්තේ බස්නාහිර පළාත් සභා ගොඩනැගිල්ල තුල ක්‍රියාත්මක වන බස්නාහිර පළාත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු වල සේවයේ නියුතු නිලධාරීන් වෙනුවෙන් පමණක් බවත් ඇය කියා සිටී.


එකී ලිපිය මඟින් සමස්ත රට තුළ කොවිඩ් රෝගී තත්ත්වයක් පැතිර යාමක් හෝ එවැනි අවධානමක් පිළිබඳ මහජනතාව හෝ වෙනත් කිසිඳු රජයේ නිලධාරියෙකු දැනුම්වත් කිරීමක් සිදු කර නොමැති බවත් ඔවුන් වෙත මුඛ ආවරණ පළඳින ලෙස දැනුම් දීමක් කර නොමැති බවත් ලේකම්වරිය අවධාරණය කරයි.

 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads