සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
මෙවර පළාත් පලාන මැතිවරණයෙන් මාතර දිස්ත්‍රික්කයේ බහුතර බලය හිමි නොවු පළාත් පලාන ආයතන තුන අතුරින් මුලටියන ප්‍රාදේශිය සභාවේ සභාපති හා උප සභාපති යන තනතුරු තේරිම අද(25) පෙරවරුවේ දකුණු පළාත්, පළාත් පාලන කොමසාරිස් එරන්දි උමංගා මෙන්ඩිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මුලටියන ප්‍රාදේශිය සභාවේදි පැවැත්විණි.
එහිදි සභාපති තනතුර සඳහා පළාත් පලාන මැතිවරනයට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මුලටියන ප්‍රාදේශිය සභාවට තරග කොට තේරී පත්වු එන්.ඒ.විජේතුංග මහතාගේ හා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් තරග කොට තේරී පත්වු රේණුක සංජය කොමසාරු යන මහත්වරුන්ගේ නම් යෝජනා වු අතර ඒ අනුව සභාපති තනතුර තේරීම සඳහා ජන්ද විමසිමක් පැවැත්විය යුතු බව දකුණු පළාත්, පළාත් පාලන කොමසාරිස් එරන්දි උමංගා මෙන්ඩිස් මහත්මිය කියා සිටියහ.
ඒ අනුව ඒ සදහා විවෘත ජන්දයක් පැවැත්විය යුතු බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කල රේණුක සංජය කොමසාරු මහතා යෝජනා කල අතර රහස් ජන්දයක් පැවැත්විය යුතු බව ජාතික ජන බලවේගයේ එන්.ඒ.විජේතුංග මහතා යෝජනා කල සිටියහ.
ඒ අනුව දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස් එරන්දි උමංගා මෙන්ඩිස් මහත්මිය සභාවෙන් ඉල්ලා සිටියේ ජන්දය පවත්වන ක්‍රම දෙකක් පිලිබදව යෝජනා ඉදිරිපත් වි ඇති හෙයින් තේරි පත්වු සභිකයින් සකච්ජා කොට යෝජනා වු ජන්ද ක්‍රම දෙකෙන් එක් ජන්ද ක්‍රමයක් යටතේ ජන්දය පැවැත්විමට සියලූම සභිකයින් කැමැත්ත ලබා දෙන්නේ නම් එලෙස සියලූ සභිකයින් කැමැත්ත ලබා දෙන ජන්ද ක්‍රමය යටතේ ජන්දය පැවැත්විය හැකි බවයි.
ඒ අනුව මුලටියන ප්‍රාදේශිය සභාවට තේරීපත්වු සභිකයින් 23 දෙනාම ජාතික ජන බලවේගයේ එන්.ඒ.විජේතුංග මහතා යෝජනා කල රහස් ජන්දයකින් සභාපතිවරයා තෝරාපත් කර ගැනිමේ ක්‍රමවේදයට ඒකමතිකව කැමැත්ත ප්‍රකාශ කලහ.
ඒ අනුව සභාපති තනතුරට තේරිපත්වු නම් දෙක වෙනුවෙන් රහස් ජන්දයක් පැවැත්වු අතර එහිද ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කල රේණුක සංජය කොමසාරු මහතාට ජන්ද 13 කුත් ජාතික ජන බලවේගයේ එන්.ඒ.විජේතුංග මහතාට ජන්ද 10කුත් හිමි වු අතර එහිදි වැඩි ජන්ද 03 කින් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කල රේණුක සංජය කොමසාරු මහතා ජයග්‍රහාණය කරනු ලැබිය.
සභාපතිවරයා තෝරාපත් කර ගැනිම සමග ජාතික ජන බලවේගයෙන් මුලටියන ප්‍රාදේශිය සභාවට තේරිපත්වු සියලු මන්ත්‍රීවරුන් සභා ගර්භයෙන් පිටව ගිය අතර උප සභාපති තේරිම එම පිරිස නොමැතිව සිදු විය..
ඒ අනුව මුලටියන ප්‍රාදේශිය සභාවේ උප සභාපති ලෙස සමගි ජන බලවේගයෙන් පළාත් පාලන ජන්දයට තරග කොට ජයග්‍රහණය කල මහේන්ද්‍ර ලියනගේ මහතා ඒකමතික යෝජනා සම්මතයෙන් තේරි පත්විය.