කල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වන අබ්දුල් සත්තාර් මොහොමදු රික්කාස් මහතා ඇතුළු පිරිසක් ගමන් කරමින් සිටි මෝටර් රථයකට ඊයේ (16) රාත්‍රියේ මදුරන්කුලිය විරුතෝඩේ ප්‍රදේශයේදී පිරිසක් විසින් පහර දී ඇති බව මදුරන්කුලිය පොලීසිය පවසයි.
මෙම ප්‍රහාරයෙන් සභාපතිවරයාට පහර දී ඇති අතර, වාහනයට බරපතල අලාභ හානි සිදු වී තිබේ.
ජාතික ජන බලවේගය පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් පයිසාල් මහතාගේ නිවසට පැමිණ සභාපතිවරයා තවත් කිහිප දෙනෙකු ආපසු නොරෝච්චෝලය බලා විරුතෝඩේ හරහා ගමන් කරමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් සභාපතිවරයා පොලීසියට පැමිණිල්ලක් ද කර තිබේ.
මෙම සිදුවීමෙන් පසු ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට කටයුතු කර ඇත