Type Here to Get Search Results !

ඩඩ්ලිගේ යූස්ඩ් වාහනයට රේගුව මිලියන 100ක් බදු ගහලා..?


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

අරලිය සහල් අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පසුගිය දවස්වල අධිසුඛෝපභෝගී රෝල්ස් රොයිස් කාර් එකක් ලංකාවට ගෙන්වලා තිබුණා.

මේ Rolls-Royce Phantom Series 8 II වර්ගයේ කාර් එක ඉතාම මිල අධික එකක් බව අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ. රුපියල් මිලියන 212ක් වටිනවා කියලා තමයි ආරංචි.

ගුවන් භාණ්ඩ ප්‍රවාහනය මගින් ගෙන්වලා තිබුණු මේ රෝල්ස් රොයිස් එක රේගුවට පෙන්වලා තිබිලා තියෙන්නෙ පිටරටදී ධාවනය කරපු (used) වාහනයක් විදියට ලු.

හැබැයි මේක ධාවනය කරලා තිබිලා තියෙන්නේ කිලෝමීටර් 100 කටත් අඩු දුර ප්‍රමාණයක් ලු.

ඉතින් රේගු නිලධාරීන් අහලා තියෙනවා ලු මේක කොහොමද යූස්ඩ් කාණ්ඩයට දාන්නෙ කියලා. ඒ අනුව මේකට අදාළව රුපියල් මිලියන 100 කට ආසන්න මුදලක් බදු හැටියට ගෙවන්නය කියලාත් රේගුවෙන් කියලා ලු.

ඩඩ්ලි තවමත් ඒ මුදල ගෙවලා වාහනය නිදහස් කරගෙන නැති බවත් ළඟදීම ගෙවන්න නියමිත බවත් තමයි ආරංචිමාර්ග කියන්නේ ….

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads