Type Here to Get Search Results !

ලංගම සභාපති කසිප්පු ගුණේට ඇඳලා.. සේවකයන්ට ගහලා දොට්ට දාන්න උපදෙස්..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ජීවක ප්‍රසන්න ඊයේ (04) බදුල්ල සහ මහියංගනය ඩිපෝ වල අඩුපාඩු සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරතව තිබේ.

එහිදී සේවක ගැටළු මෙන්ම ආයතනික අඩුපාඩු රැසක් සම්බන්ධව වාර්තා වී ඇත.

කෙසේවෙතත් මේ සම්බන්ධව මාධ්‍ය නිකුත්කර තිබෙන වීඩියෝ නිරීක්ෂණය කිරීමේදී පෙනීගියේ ආයතන ප්‍රධානියෙකුට නොගැලපෙන ඉතා ග්‍රාම්‍ය හැසිරීමක් ලංගම සභාපති වෙතින් ප්‍රදර්ශනය වන බවක් ය.

බදුල්ල සහ මහියංගනය ඩිපෝ දෙකෙහිදීම ඔහු දිගින් දිගටම ” මේවායේ හොරු ඉන්නවා. එක්තරා සෙට් එකක් ඉන්නවා, ගහලා එළියට දාන්න.. ඉතුරුවා අපි බලාගන්නම්. ඔයාලා එකතුවෙලා වැඩේ අතට ගන්න. ” වැනි ප්‍රකාශය. එසේම ඇතැම් සේවකයන් වෙත “බලු වැඩ කරන්න එපා.. වයස කීයද ?”, බැරි නම් දාලායනවා” වැනි ග්‍රාම්‍ය හැසිරීමක් ප්‍රදර්ශනය කළේය.

එපමණක් නොව, එම අවස්ථා වීඩියෝ කර මාධ්‍යට මුදාහැරීමට ඉඩදී තිබුණේද එකී සේවකයන්ගේ පෞද්ගලිකත්වය පවා බරපතල ලෙස කෙළෙසමිනි.

රාජ්‍ය ආයතන ආශ්‍රිතව කිසියම් සේවකයකු වරදක් සිදුකරයිද ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා ක්‍රමවේදයක් තිබේ. එසේම දුෂණ අක්‍රමිකතා සිදුවේ නම් ඊට අදාළව කටයුතු කළ නිශ්චිත ආකාරයක් තිබේ. නමුත් එකී නිසි ක්‍රමවේදයට කටයුතු නොකර , තම සහෝදර සේවකයන්ට ගහලා එලවන්න, තවත් සේවක පිරිසකට උපදෙස් දීම කොහෙත්ම අනුමත කළ නොහැකිය. එවැනි උපදෙස් දිය හැකිව තිබෙන්නේ කසිප්පු ගුණේලා, කුඩු ප්‍රසන්නලා වැනි සමාජ අපගාමීන් පමණි.

විශේෂයෙන් මහජන බදු මුදලින් නඩත්තු වන ආයතනයක, දේශපාලන පත්වීමකින් සභාපති වූ අයෙකුට එසේ උපදෙස් දීම කොහෙත්ම අනුමත කළ හැකි කරුණක් නොවේ.

හොරෙකුට පමණක් නොව මිනී මරුවෙකුට පවා නීතිය ක්‍රියාත්මක කිරීමේ ශිෂ්ටසමාජ පිළිවෙලක් ඇත.

එබැවින් , ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ප්‍රසන්න මහතාණෙනි , කරුණාකර කැමරා දකින විට හෝ ප්‍රතිවිරුද්ධ දේශපාලන අදහස් දරන්නන් දකින විට තමා කවුද ? ඉන්නේ කොතනද ? සමාජ ගෞරවය අයත් තමාට පමණක් වැනි හැඟීම් ඔබව ආතුර කරයි නම් කරුණාකර මනෝ ප්‍රතිකාරයක් සඳහා යොමුවෙන්න.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads