Type Here to Get Search Results !

බලා සිටි කාලය ඉවරයි, ආයෙත් ඊශ්‍රායලෙට යන්න ලාංකිකයින් 600ට අධික පිරිසකට රැකියා ගිවිසුම්..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් ඊශ්‍රායලයේ ආපනශාලා අංශයේ රැකියාවලට ශ්‍රී ලාංකිකයින්ට රැකියා ගිවිසුම් මේ දිනවල ලැබෙමින් පවතින බව පවසා ඇත.

එසේම මේ වන විටත් ලාංකිකයින් 600ට අධික පිරිසකට රැකියා ගිවිසුම් ලැබී ඇති බව සඳහන්.

ඒ අනුව ජූලි මස 14 වන දින තෙක් මෙම රැකියාවලට අදාළ ගිවිසුම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පරිශ්‍රය තුළදී අත්සන් කිරීමට නියමිත බව පවසයි.

ඉන් පසු ඔවුන් දින තුනක පෙර විගමණික පුහුණුවකට යොමුකර එය අවසන් වූ පසු ඉක්මනින් ඔවුන් ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත් කර හැරීමට කටයුතු යොදා ඇති බවට විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් දැනුම් දී ඇත.

මේ අතර ඊශ්‍රායලයේ ආපනශාලා ක්ෂේත්‍රයේ රැකියාවලට පිටත්ව ගිය පළමු කණ්ඩායම වශයෙන් රැකියාලාභීන් 90 දෙනෙක් ජූලි 06 හා 07 යන දෙදින ඊශ්‍රායලය බලා පිටත්ව ගොස් තිබෙනවා.

එසේම කාර්යාංශය මඟින් ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාළ රැකියාවලට දින දෙකක් තුළදී තරුණයින් 99 දෙනෙක් යොමුකිරීමට පියවර ගෙන ඇත.

අඳාළ ශ්‍රමිකයින් Renovation General Work, Ceramic Tiling, Plastering Work යන රැකියා කාණ්ඩවලට පිටත්ව ගිය අතර, ඉන් 49 දෙනෙක් ඊයේ (08) දින සහ තවත් 50 දෙනෙක් අද (09) දින ද ඊශ්‍රායලය බලා පිටත්ව ගොස් ඇති බව පවසයි.

2025.03.19 දින සිට එම රැකියා කාණ්ඩයට අදාළව ශ්‍රමිකයින් ඊශ්‍රායලය වෙත යොමුකිරීම ආරම්භ කර තිබෙනවා.

එතැන් පටන් මේ වන තෙක් ලාංකිකයින් 521 දෙනෙක් අදාළ රැකියාවලට ඊශ්‍රායලය වෙත යොමුකර ඇත.

කෙසේ වෙතත් ඉකුත් සමයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය සමඟ ශ්‍රී ලාංකිකයින් ඊශ්‍රායලය වෙත යොමුකිරීම තාවකාලිකව නතර කර තිබූණත් මේ වන විට තත්ත්වය සමනය වීමත් සමග ශ්‍රමිකයින් ක්‍රම ක්‍රමයෙන් ඊශ්‍රායලය වෙත පිටත් කර හැරීමට කාර්යාංශය පියවර ගනිමින් සිටින බව දැනුම් දී ඇත.

කාර්යාංශය පවසා ඇත්තේ ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රී ලාංකිකයින් මෙම රැකියාවලට යොමුකරන බවත් ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීමට වෙනත් පාර්ශවයන්ට මුදල් ලබාදීමෙන් වළකින ලෙසත් ය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads