Type Here to Get Search Results !

විත්තිකරු විනිසුරුට කුණුහරුපෙන් බනී.. තරුණයෙක්ට වැඩ වරදී..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

මන්නාරම මහේස්ත්‍රාත්වරයාට අපහාස වන අයුරින් TikTok වීඩියෝවක් පළ කළ 25 හැවිරිදි තරුණයෙකු මඩු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම තරුණයා මඩු පොලිස් වසමේ මුල්ලිකුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු මීට පෙර අපරාධ කිහිපයකටම සම්බන්ධ වී අත්අඩංගුවට පත්වූවෙකි.

මෙම තරුණයා පසුගිය 7 වැනිදා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිට ඇත්තේ පහරදීමක් හා පිහියකින් ඇන තුවාල සිදුකිරීමක් සම්බන්ධ නඩුවකටයි. එහිදී මහේස්ත්‍රාත්වරයා එම නඩුව ලබන 15 වැනිදා දක්වා කල් දමා ඇත.

ඉන් අනතුරුව, සැකකාර තරුණයා මහේස්ත්‍රාත්වරයාට අපහාස වන අයුරින් වීඩියෝවක් නිර්මාණය කර එය සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවට විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

පොලිස් පරීක්ෂණවලින් වැඩිදුරටත් හෙළි වී ඇත්තේ මෙම තරුණයා 2022 වසරේදී සොරකමක් සම්බන්ධයෙන්ද, 2023 වසරේදී පහරදී සොරකමක් කිරීම සම්බන්ධයෙන්ද අත්අඩංගුවට පත්ව ඇති බවයි.

අත්අඩංගුවට ගත් තරුණයා මේ වන විට මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, මඩු පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads